අර්ධසන්නායක (Semiconductor)
'අර්ධසන්නායක' කියන්නේ සන්නායක වලටත් පරිවාරක වලටත් අතරමැදි ලක්ෂණ පෙන්වන දෙයක්.සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මේවා තුල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්නේ ඉතාමත් සුලු ප්‍රමාණයක් පමනයි. එනිසා මේවා තුලින් විදුලිය ගමන් කිරීමක් සිදුනොවන තරම්. ඒ හින්දා මේවා බොහෝ දුරට පරිවාරකවල තියෙන ලක්ෂණ තමා පෙන්නුම් කරන්නේ.
අර්ධසන්නායක වලට උදාහරණ විදියට ප්‍රධාන වශයෙන්
- සිලිකන්(Si)
- ජර්මේනියම්(Ge)
යන ලෝහාලෝහ මූලද්‍රව්‍ය දෙක දක්වන්න පුලුවන්, මොකද ඉලෙක්ට්‍රෝනික උපාංග සෑදීමට බහුලව යොදාගනු ලබන මූලද්‍රව්‍ය දෙවර්ගය මේවා වන නිසාය. මීට අමතරව ලෙඩ් සල්ෆයිඩ්, ගැලියම් ෆොස්පයිඩ්, හා ඉන්ඩියම් ෆොස්පයිඩ් වැනි සංයෝගද අර්ධසන්නායක සදහා නිදසුන් ලෙස දක්වන්න පුලුවන්.
'නිසඟ අර්ධසන්නායක' කියන්නේඅපද්රව්ය මිශ්‍ර වීමකින් තොරව ඇති සංශුද්ධ සිලිකන් හා ජර්මේනියම් වැනි මූලද්‍රව්‍ය වලටයි.