ඒකක හරස්කඩක් සහිත කම්බියක ඒකක දිගක ප්‍රතිරෝධය, ප්‍රතිරෝධකතාව ලෙස අර්ථ දැක්වේ.
මේ අයුරු මැනීම ප්‍රායෝගික ලෙස කළනොහැකිය. නමුත් පහත සඳහන් සූත්‍රය අනුව ගණනය කිරීමෙන් ඕනෑම ලෝහයක ප්‍රතිරෝධකතාව නිර්නය කළහැකිය.
ඒකාකාර හරස්කඩකින් යුක්ත කම්බියක ප්‍රතිරෝධය එහි දිගට සමානුපාතික වේ. තවද, එය එහි හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාත වේ. උදාහරනයක් ලෙස එකම ලෝහයක එකම හරස්කඩ සහිත කම්බියක යම් ප්‍රතිරෝධයක් පවතී නම් එමෙන් දෙගුනයක් දිග කම්බියක ප්‍රතිරෝධය දෙගුණයක් වේ. තවද, එකම ලෝහයක එකම දිගක් සැලකූවිට, හරස්කඩ වර්ගඵලය දෙගුණයක් වනවිට ප්‍රතිරෝධය හරි අඩක් වේ.
මේ සම්බන්ධ ගණනය කිරීම් සඳහා පහත සඳහන් සූත්‍රය භාවිත කෙරේ.
R = ρ L / A
මෙහි R = කම්බියේ ප්‍රතිරෝධය, L = කම්බියේ දිග, A = කම්බියේ හරස්කඩ වර්ග ඵලය,ρ = ලෝහයේ ප්‍රතිරෝධකතාව (ρ යනු “රෝ” නමැති ග්‍රීක් අකුරයි)
ප්රතිරෝධකතාවේ සම්මත ඒකකය “ඕම්-මීටර්” (Ω-මී) වේ. නමුත් “ඕම්-සෙන්ටි මීටර්” (Ω-සෙමී) සහ “මයික්‍රො ඕම්-සෙන්ටි මීටර්” (µΩ- සෙමී) යන ඒකකද භාවිත කෙරේ.
1.9.1 සාපේක්ෂ ප්‍රතිරෝධකතාව (Relative Resistivity)
තඹ යනු ඉතා හොඳ සන්නායකයකි. එබැවින් තඹ වල ප්‍රතිරෝධකතාව ඒකකයක් ලෙස සලකා අනෙකුත් ද්‍රව්‍යයන්ගේ ප්‍රතිරෝධකතාව, තඹ හා සන්සන්දනය කර දැක්වීම වඩා ඵලදායී වේ. මේ අනුව යම් ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව තඹ වල ප්රතිරෝධකතාවයෙන් බෙදූ විට ලැබෙන අගය ඒ ද්‍රව්‍යයයේ සාපේක්ෂ ප්‍රතිරෝධකතාව ලෙස හැඳින්වේ. මෙයට ඒකකයක් නැත.
1.9.2 ලෝහ වල ප්‍රතිරෝධකතාව සහ සාපේක්ෂ ප්‍රතිරෝධකතාව
ලෝහය සාපේක්ෂ ප්‍රතිරෝධකතාව ප්‍රතිරෝධකතාව (μΩ- සෙමී)
රිදී 0.94 1.59
තඹ 1.0 1.7
රත්රන් 1.4 2.4
ඇළුමිනියම් 1.6 2.7
ක්‍රෝමියම් 1.8 3.1
ටංස්ටන් 3.2 5.4
තුත්තනාගම්(Zinc) 3.4 5.8
පිත්තල(Brass) 3.7 - 4.9 6.3 - 8.3
කැඩ්මියම් 4.4 7.5
සුදු යකඩ(Nickel) 5.1 8.7
යකඩ 5.68 9.7
වානේ 7.6 - 12.7 12.9 - 21.6
ඊයම් 12.8 21.8
මැංගනින් 25.6 43.5
නික්‍රෝම් 58.1 98.8
අභ්‍යාස
*1) වෝල්ට් 12 කින් ක්‍රියා කරන පෑස්සුම් බවුතයක් සඳහා භාවිත කර ඇත්තේ මිමී 0.5 ක විශ්කම්භය සහිත නික්‍රෝම් කම්බියකි. එහි ප්‍රතිරෝධය ඕම් 4 ක් වේ නම් එම නික්‍රෝම් කම්බියේ දිග කොපමණ වේද? (නික්‍රෝම් වල ප්‍රතිරෝධකතාව 98.8 µΩ-cm. ක් වේ)*2) ගේජ් 18 තඹ කම්බියක මීටරයක ප්‍රතිරෝධය කොපමණද?
(තඹ වල ප්‍රතිරෝධකතාව 1.7 µΩ-cm කි. ගේජ් 18 කම්බියක විශ්කම්භය මිමී 1.219 වේ)
1) 79.5 cm
2) 11.064 mΩ