බැටරියක ධාරිතාව

බැටරියක ධාරිතාව (ඇම්පියර්-පැය  A-hr)
වාහනයකට බැටරියක් මිළදී ගැනීමට ගිය බොහෝ අවස්ථා වලදී අපට ඇසෙන වචන මාලාවක් නම් ”ඇම්පියර් 45 බැටරියක් දෙන්න”,  ”ඇම්පියර් 60 බැටරිය වඩා හොඳයි” යනාදියයි. ඉන් අදහස් කරන්නේ බැටරියේ ධාරිතාව වුවත් එය වැරදි කියමනකි.
බැටරියක ධාරිතාව යනු ඉන් ලබාගතහැකි ශක්තිය කොපමණද යන්නට ඇති මිනුමකි. නැතහොත් ඉන් ලබාගතහැකි ආරෝපන ප්‍රමාණයයි. බැටරියක ධාරිතාව මනින්නේ ”ඇම්පියර්” වලින් නොව  ”ඇම්පියර්-පැය” (Ampere-hour - Ah) වලිනි. උදාහරන ලෙස ඇ.පැ.10ක බැටරියකින් ඇ.1ක ධාරාවක් පැය 10 ක් ලබාගතහැකිය. නැතහොත් ඇ.½ ක ධාරාවක් පැය 20 ක් ලබාගතහැකිය. එය ධාරාවේ සහ කාලයේ ගුණිතය වුවද, ඇ.10ක ධාරාවක් පැයක් ලබාගැනීම දුශ්කර වේ. ඊට හේතුව නම් බැටරියට ඔරොත්තු නොදෙන තරම් විශාල ධාරාවක් ගන්නාවිට එය ඉක්මනින් දුර්වල වීමය. දුර්වල වීම යනු අභ්‍යන්තර ප‍්‍රතිරෝධය වැඩි වීමයි. එවිට වෝල්ටීයතා බැස්ම වැඩි වන බැවින් ලබාගතහැකි ධාරාව අඩුවේ.
උදාහරණ ලෙස 12 V 60 Ah බැටරියක අභ්‍යන්තර ප‍්‍රතිරෝධය  ඕම් 0.1 ක් පමණවේ.බැටරිය දුර්වල වූවිට එය  ඕම් 1 ක් හෝ ඊටත් වඩා වැඩි වේ.


අභ්‍යාස

*වෝල්ට් 1.5 ක් වූ වියලි කෝෂයක ධාරිතාව මිඇ-පැ 1000කි. මිඇ 300 ක ධාරාවක් මිනිත්තු 30ක් තුල අඛන්ඩව භාවිත කළේ නම් කෝෂයේ ඉතිරිව ඇති ධාරිතාව කොපමණද?



*850 mA-h