විද්‍යුත් ගාමක බලය (වි.ගා.බ.)

විද්‍යුත් ධාරාවක් සන්නායකයක් දිගේ ගලායන්නේ ප්‍රභවයකින් (බැටරියක් හෝ විදුලිජනකයක්) ලැබෙන විද්‍යුත් පීඩනයක් හේතුකොටගෙනය. මෙම විද්‍යුත් පීඩනය වෝල්ටීයතාවය ලෙසද හැඳින්වේ.

විද්‍යුත්   ප්‍රරභවයක් බාහිර පරිපථයකට සම්බන්ධ නොකර ඇතිවිට එහි අග්‍ර අතර පවතින විද්‍යුත් පීඩනය හෙවත් වෝල්ටීයතාව එම ප්‍රභවයේ විද්‍යුත් ගාමක බලය ලෙස අර්ථ දැක්වේ.

බාහිර පරිපථයකට සම්බන්ධ කලවිට එය සුළු ප්‍රමාණයකින් අඩුවේ..