ප්‍රත්‍යාවර්ත ධාරාවක් මොකටද?

ප්‍රත්‍යාවර්ත ධාරාවක් මොකටද?
 ප්‍රත්‍යාවර්ත ධාරාවකින් සරල ධාරාවකට වඩා විශේෂ ප්‍රයෝජන තියෙනවා.විශේෂයෙන්ම සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේදී. ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රයෝජන කීපයක් අපි කෙටියෙන් සලකා බලමු.
  1. ට්‍රාන්ස්ෆෝමර් වලින් විභව අන්තරය ඉහල සහ පහල අගයන්ට පරිවර්තනය කළ හැකි වීම. 
  2. සම්ප්‍රේෂණයේදී විභව අන්තරය ඉහල අගයකට පරිවර්තනය කර ශක්ති හානිය සහ වියදම අවම කරගත හැකිවීම. 
  3. ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාකරන මෝටර් නිපදවීමේ සහ ක්‍රියාකරවීමේ පහසුව. 
  4. ප්‍රත්‍යාවර්ත ධාරාව ඉතා පහසුවෙන් සරල ධාරාව බවට පත් කළ හැකි වීම. 



ප්‍රත්‍යාවර්ත ධාරාව සයිනාකාර වීමේ වාසි

  1. සයිනාකාර ධාරාව ගණිතමය වශයෙන් විශ්ලේෂණය කිරීමේ පහසුව.
  2. ඕනෑම තරංග හැඩයක් සයින සහ කෝසයින තරංග වල ප්‍රකාශනයක් ලෙස ලිවිය හැකි වීම.   ප්‍රතිරෝධකතවය,ප්‍රේරකතාවය සහ ධාරිතවය සහිත පරිපථ වලින් තරංග හැඩයේ විකෘතියකින් තොරව ගමන් කිරීම 
  3. සයිනාකාර තරංග වල අවකලනයන් සහ අනුලනයන් ද සයිනාකාර වීම.