සන්නායක (Conductor)
පහසුවෙන් විදුලිය ගමන් කරන දෑ වේ.මෙවැනි ද්‍රව්‍ය තුලින් විදුලිය ඉතා හොඳින් ගලා යයි. එනම් මෙවැනි ද්‍රව්‍ය වල විද්‍යුත් ප්‍රතිරෝධය (resistance) ඉතා කුඩාය. වඩාත් නිවැරදිව පවසතොත් ඒවායේ ප්‍රතිරෝධකතාව (resistivity) ඉතා අඩුය,
එමෙන්ම 'විද්‍යුත් ආරෝපන' වලට ගමන් කල හැකි පරිදි නිදහස් ඉලෙක්ට්‍රෝණ අඩංගුව ඇති දේවල් වලටයි. මේවා තුලින් විදුලිය ගමන් කරන නිසා මේවා 'සන්නායක' ලෙස හදුන්වයි. මේවාට උදාහරණ ලෙස යකඩ,තඹ.ඇලුමිනියම් රත්රන් රිදී, ,ඇළුමිනියම්, පිත්තල ආදිය වැනි සියලුම ලෝහ මූලද්‍රවයයන් පාහේ දක්වන්න පුළුවන්.
පරිවාරක (Insulator)
විදුලිය පහසුවෙන් ගමන් නොකරන දේවල් පරිවාරක වේ,මේවා විදුලිය සදහා අදික ප්‍රතිරෝදයක් දක්වයි .මේවා නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති නොවන පරිදි ඉලෙක්ට්‍රෝන තදින් එකිනෙකට බැදී පවතින නිසා, මෙවැනි පරිවාරක තුලින් විදුලිය ගමන් කිරීමක් සිදුනොවේ.
මෙවැනි පරිවාරක සදහා නිදසුන් ලෙස ප්ලාස්ටික්, පොලිතීන්,වීදුරු, මයිකා, පිඟන් ගඩොල්, රබර්, වියලි ලී, වියලි වාතය, වියලි කඩදාසි හා අලෝහ මූලද්‍රව්‍යයන් දක්වන්න පුලුවන්.
කුසන්නායකඃ-
කුසන්නායක හෙවත් දුර්වල සන්නායක තුලින් විදුලිය ගලායනමුත් පෙරපරිදි පහසුවෙන් ගලානොයයි. මෙවැනි ද්‍රව්‍ය වල ප්‍රතිරෝධකතාව (resistivity) තරමක් විශාලය. එනම් ඒවායේ සන්නායකතාව (conductivity) තරමක් කුඩාය.උදාහරණඃ- නික්‍රෝම්, ටංස්ටන්, මැංගනින්, යකඩ ජලය, තෙත හෝ අමු ලී ආදිය.