විභව බැස්ම

විදුලි ජනකයේ හො ජනනය කරන ස්ථානයේ සිට අදාල පාලන පුවරුව දක්වා හෝ පාලන 
පුවරුවේ සිට අවසාන උප පරිපථය දක්වා විදුලි ධාරාවක් ගලායාමේදී අරම්භක ස්ථානයේ සිට අවසන් ස්ථානය අතර ඇති වෝල්ටීයතා සමාන නොවේ. එම වෝල්ටීයතා ප්රමාණය යම්කිසි අගයකින් අඩුවිය හැකිය.


ඒ සදහා පහත හේතු සියල්ල අදාල වේ.

1)යොදාගන්නා සන්නයක වල හරස්කඩ වර්ගඵලය.
2)යොදාගන්නා සන්නායකයේ දිග.
3)සන්නායකය හරහා ගමන්කරන ධාරා ප්රමාණය.

4)සන්නායකය ගෙනයනුලබන මාධය

විභව බැස්ම ඇතිවන බැවින් පරිපථයක විදුලි රැහැන් තෝරගැනීමේදී සැලකිලිමත් වියයුතු අතර අනුමත කේබ වගුවලින් අදාල කේබලය ගෙන යන ධාරාව පිලිබද හා ඒ කේබලයට අදාල විභව බැස්ම සොයාගත හැකිය.

යම්කිසි පරි පථයක අදාල විභව බැස්ම සොයාගැනීම,

විභව බැස්ම = සන්නායකය සදහා අදාල විභව බැස්ම Xගලන ධාරාවXදුර  

විභව බැස්ම= mvA-1m-1


*අණුමත විභව බැස්ම
විදුලි ජනකය විදුලි පුවරුව අතර තිබිය හැකි අවම විභව බැස්ම සැපයුම් වෝල්ටීයතාවයෙන් 3% කි (I.E.E)

ආරම්භක ධාරා ලබාගන්නා ස්තානයේ සිට අවසාන කෙවෙනිය හෝ විදුලිබල සැපයුම ලබාගන්නා ස්තානයට(කෙවෙනියට,පාලක පුවරුවට) තිබිය හැකි අවම විභව බැස්ම සැපයුම් වෝල්ටියතාවයෙන් 4%කි (I.E.E)


විභව බැස්ම අඩුකරගැනීමට යොදාගතහැකි ක්‍රම.

1)සුදුසු විදුලි ‍රැහැන් හා යොත් භාවිත කිරීම.

2)නියමිත වෝල්ටියතාවයන් ලබාදීමට හැකිවන පරිදි පරිණාමක පිහි‍ටුවීම.


3)බූස්ටර් ට්‍රන්ස්ෆොමර් යෙදීම.