විදුලි ආරක්ශාව.


Safety.

සියලු ඉදිකිරීම් හා නඩත්තු කිරීම් සිදුකිරීමේදී ආරක්ශාවට මුල්තැන දෙනු ලබයි. බොහෝ අවස්තාවලදී විදුලි කාර්මික ශිල්පීන්ට විශාල අවදානමක් ගැනීමට සිදුවේ.මේ නිසා පුද්ගල ආරක්ශාව ඉතා වැදගත් වේ. අනතුරක් යනු බලාපොරොත්තු රහිතව සිදුවන සිදුවීමකි.

අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතු.

1) මිනිසුන් මුල්කරගෙන 88%
2) යාන්ත්‍රික හේතූන් මත 10%
3) ස්වභාවික හේතු 2%

කාර්මික ආරක්ශාව සහ සෞක්‍ය.
(industrial safety and health)

කර්මාන්තශාලා ආඤා පණත 1942 අංක 45 දරණ,
(මුල්වරට නීතියක් ලෙස ක්‍රියාත්මක වුයේ 1950 ජනවාරි 1)
සේවක සුබසිද්ධිය තකා ඇති වු සංවිධානය I.L.O. (international labour organization). එක්සත් ජාතීන්ගේ(UN) ස්ංවිධානයට අනුබද්ධව ඇති මෙමගින් රටවල් වල විවිද අණ පණත් වලට බැදීමක් ඇතිකර සේවක නීති ක්‍රියාත්මක කරනු ලබයි.ආරක්ශාව හා සෞක්‍ය ඇති කිරීම සදහා මෙම නීති මගින් ප්‍රධාන කොට කරුණු තුනක් සම්පූර්ණකර ගැනීමට බලාපොරොත්තු වේ,
1)සේවක ආරක්ශාව.
2)සේවක සෞක්‍ය.
3)සේවක සුබසාධනය.

කාර්මික ආරක්ශාව යටතේ ප්‍රධාන අංශ,

1) යාන්ත්‍රික ආරක්ශාව./machinery safety
2) විදුලි ආරක්ශාව./electricity safety
3) ඉදිකිරීම් ආරක්ශාව./construction safety
4) පිපිරීම් හා ගිණි ආරක්ශාව./Explosions and fire safety
5)රසායණික ආරක්ශාව./chemical effect safety
*** කර්මාන්තශාලා ආඤා පණත(1976 සංශෝදිත පණත)අංක 12 58B වගන්තිය මගින්,I.E.E විදුලි රෙගුලාසි වලට අවනත විය යුතුය.***

institute of electrical engineers(අන්තර්ජාතික විදුලි ඉජිනේරු ආයතනය)



විදුලි සැර වැදීම.

යම් පුද්ගලයෙකු විදුලි සැර වැදීමට ලක් වු විට බලපාන මූලික සාධකය වන්නේ ශරීරය හරහා ගලායන විදුලි ධරාවේ ප්‍රමාණයයි. 0.05Aවැනි සුලු විදුලි ධාරාවක්(50mA) පවා මරණයක් ඇතිවීමට හේතු වේ.
වියලි සමේ ප්‍රතිරෝධය වැඩි නිසා යම් ආරක්ශාවක් සැල සේ නමුත් සම තෙත්ව ඇතිවිටදී විදුලිය ගලායෑමට දක්වන ප්‍රතිරෝධය ඉතා අඩුය. වියලි සමෙහි ප්‍රතිරෝධය 100000Ω( ඕම් 100000) සිට 600000Ω( ඕම් 600000) දක්වා පවතින අතර තෙත් වු විට එය දල වශයෙන් 1000Ω( ඕම් 1000) දක්වා පහල වැටේ.

විදුලි ධාරාවේ ගමන් මග .

මිනිස් ශරීරය තුලින් විදුලිය ගලා යන විට ශරීරය හැසිරෙන්නේ පරිමා සන්නායකයක් ලෙසය එම නිස වැඩි ධාරාවක් ගලා යන්නේ ශරීරයේ ස්පර්ශ වන ස්ථාන දෙක අතරය. බොහෝ විට සිදු වන්නේ අත් දෙක හරහා හො අතකුත් පයකුත් අතරය.එම නිසා ධාරාව ගලායන මාර්ගයට හෘධයත් ස්වසන පද්ධතියට අයත් මාංශ පේශීන්ද අදාල වේ. හිස හරහා විදුලිය ගලන අවස්තා ඇති වන්නේ 3% කි.




ශරීරය හරහා ගලන ධාරාව




ප්‍රතිඵල

 0-1mA ශරීරයට යන්තමින් දැනේ.අනතුරු සිදු නොවේ
 1-10mA ශරීරයට දැනේ. ස්ව ශක්තියෙන් වෙන්වීමට හැකියාව ඇත පාලනයෙන් තොරව මස් පිඩු හැකිලීමට පටන් ගනී.
 10-20mA ස්ව ශක්තියෙන් විදුලි ‍රැහැනෙන් මිඩීමට නොහැක. දැවිලි ගතිය වේදනාකාරී තත්වය ඇති වේ
 20-40mA මස්පිඩු හැකිලීම ස්ව ශක්තියෙන් තොරව සිදු වේ.පපුවේ මාංශපේශීන් හැකිලේ හුස්ම ගැනීමට අපහසු වේ
 40mA-වැඩි හුස්ම ගැනීම අවහිර කරයි.හෘධය හරහා විදුලිය ගමන් කලහොත් සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩපණ වේ. මරණය සිදුවිය හැකිය
 70-500mA තත්පර 0.1 ක කාලයකදී වුව මියයාමට හැකිය.


"විදුලිය යනු හොද සේවකයකු වන අතර අයහපත් ස්වාමියෙකු වේ" .

විදුලිය නිසා සිදුවන අනතුරු ආකර,

* ගිණි,
* පිපිරීම්,
* විදුලි සැර වැදීම්

මිනිස් සිරුරක් හරහා විදුලි ධරාවක් ගලා යාමේදී ඇතිවන ප්‍රතිඵල,

*රසායනික ප්‍රතිඵල.
*කායික ප්‍රතිඵල.
*තාපන ප්‍රතිඵල.

********නිරන්තර විමසිල්ල ආරක්ශාවේ දෙමාපියන් වේ.******