01) දුෂ්‍ය පරීක්ශාව
02) අඛණ්ඩතා පරීක්ශාව.(continuty test)
03) ධ්‍රැවීයතා පරීක්ශාව.
04)පරිවරණ ප්‍රතිරෝධ පරීක්ශාව.(insulation resistance test)
05) බිම් ප්‍රතිරෝධ පරීක්ශාව.(earth resistance test)
06) මිහිකාන්දු පැන්නුම් වහරුව පරීක්ශා කිරීම.(trip switch/ELCB)
06) මිහිකාන්දු පැන්නුම් වහරුව පරීක්ශා කිරීම.(trip switch/ELCB)
*********************************************
අඛණ්ඩතා පරීක්ශාව
අඛණ්ඩතා පරීක්ශකය,මල්ටිමීටරය,බසරය ආදාරයෙන් පරීක්ශාකල හැකිය.
මීට අමතරව කුඩා dc විදුලි සැපයුමක් පරිපථයට ලබාදී කුඩා බල්බයක් ආධාරයෙන් අඛණ්ඩතාවය පරීක්ශාකල හැකිය.ධ්‍රැවීයතා පරීක්ශාව.
මෙහිදී පේස් අග්‍රය හා නියුටල් අග්‍ර නිවැරදිව සම්බන්ධ වී තිබේදැයි පරීක්ශා කෙරේ.
කෙවෙනි පිටවාන් වල පේස් අග්‍රය දකුණු පස තිබිය යුතුය.
පොට සහිත බල්බ හෝල්ඩර් වල ඇතුලත අග්‍රය පේස් වේ.නියුටල් අග්‍රය පොට සහිත කොටසට සම්බන්ධ වේ.
පරිවරණ ප්‍රතිරෝධ පරීක්ශාව.
මෙගර් එක(insulation resistance tester) භාවිතයෙන් සිදුකරනු ලබයි.සජීව හා උදාසීන අග්‍රය අතරත් එම අග්‍ර දෙක සමග වෙන වෙනම භූගත අග්‍රයත් පරීක්ශා කර අගයන් සටහන් කරගනු ලබයි.මෙම පරීක්ශාව සිදු කිරීමේදී කිසිවිටෙකත් පරිපථයට විදුලි උපකරණ සම්බන්ධ නොකල යුතුය.
සියලුම වහරු වැසිය යුතුය* විදුලි ස්ථාපනයක දී අගයන් මෙගා ඕම් එකකට වඩා වැඩිවිය යුතුය.