ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග.

01) විදුලි මීටරය
 විදුලි පාරිභෝගියා භාවිත කරණ විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් මීටරයේ සටහන් වේ.

02) අධි ධාරා පරිපථ බිදිනය හෝ සේවා විලායකය.
සජීවී ‍රැහැනට සවිකොට ඇති අධි ධාරා විලායකය හෝ සජිවී හා උදාසීන ‍රැහැන් 2 ටම සම්බන්ද වන පරිපථ බිදිනය මගින් 40A පමණ උපරිම ධාරාවක් ගලා යා හැකි ලෙස සකස්කොට ඇත. 40A ට වලට වඩා වැඩි ධාරාවක් ගලාගිය විට පරිපථ බිදිනය මගින් ධාරාව විසන්ධි කෙරේ. ලීවරය ඉහලට දැමීමේන් නැවත විදුලිය සන්ධි කල හැකිය.

03) වෙන්කරණය හෝ ප්‍රධාන විලායකය සහිත ප්‍රධාන ස්විචය
බෙදා හැරීමේ පුවරුව තුල සවි කරණු ලබයි
30A අධි ධාරා පරිපථ බිදිනයක් ලෙසද ක්‍රියාකරයි.අවශ්‍ය ඔනෑම අවස්ථාවක මෙහි ඇති ද්විධ්‍රැව ලීවරය පහල දැමීමෙන් පරිපථයේ සජීව හා උදාසීන ‍රැහැන් විසන්ධි කල හැකිය.

04) ශේෂධාරා පරිපථ බිදිනය හෙවත් පැන්නුම් ස්විචය.
ප්‍රධාන ස්විචයෙන් පසු සජීව හා උදාසීන ‍රැහැන් පැන්නුම් ස්විචයට සම්බන්ද කරනු ලැබේ.මෙය සවිකිරීමේ අරමුණ වන්නේ නිවසේ සිටින පුද්ගලයන් විදුලි සැර වැදීමෙන් ආරක්ශා කරගැනීමයි.

05) විබෙදුම් පෙට්ටිය.

නිවසේ පරිබෝජනය සදහා විදුලිය බෙදා හැරෙන්නේ මෙය මගිනි. මෙමගින් බෙදාහරින විදුලිය ආලෝක පරිපථ හා කෙවෙනි පරිපථ වලට සැපයේ.

06) සිගිති පරිපථ බිදිනය.
විබෙදුම් පෙට්ටිය තුල එක් එක් පරිපථයට විදුලිය සපයන සිගිති පරපථ බිදින සවිකොට ඇත. සිගිති පරිපථ බිදිනයක දැක්වෙන නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් පරිපථයේ ගලා ගියවිට ලීවරය පහත වැටී සවයංක්‍රීයව පරිපථය විසන්ධි කරයි. මේ නිසා මුලු නිවසේම විදුලිය විසන්ධි වීමක් සිදු නොවන අතර අදාල පරිපථයේ පමණක් විදුලි සැපයුම නැති වේ.
ආලෝක පරිපථයක 6A ගේන යා හැකි සිගිති පරිපථ බිදින භාවිත කරන අතර කෙවෙනි පරිපථවල 13A ගෙනයා හැකි සිගිති පරිපථ බිදින භාවිත කරනු ලැබේ.

07) ස්විච්ච හා කෙවෙනි.
ස්විච්ච- බල්බ වලට විදුලිය සැපයීම නවතාලීමට මේවා භාවිතා වේ.

කෙවෙනි- මේවාට සජීවී,උදාසීන හා භූගත ‍රැහැන් සම්බන්ධ වේ.පේනු මගින් විදුලිය උපකරණ වලට සැපයීමට භාවිතා කරයි. තුන් කූරු පේනුවක ප්‍රමාණයෙන් විශාල අග්‍රය උපකරණයේ බාහිර ලෝහ ආවරණයට සම්බන්ද වන අතර කෙවෙනියට සම්බන්ධ කලවිට එය නිවසේ භූගත කම්බියට සම්බන්ද වේ. විදුලි කාන්දුවීමකදී සිදුවන විදුලි සැර වැදීමකින් ආරක්ශාවීමට යොදා ඇති පැන්නුම් ස්විච්චයේ ක්‍රියාකාරීත්වයට මෙම සම්බන්ධතාවය තිබීම අනිවාර්ය වේ.

08) සම්බන්දක ‍රැහැන්.
සජීවී කම්බිය හැදින ගැනීම සදහා දුබුරු පැහැති pvc ආවරණයක්ද උදාසීන කම්බිය හැදින ගැනීම සදහා නිල් පැහැති pvc ආවරණයක්ද භාවිත කරනු ලැබේ. භූගත කම්බිය සදහා කොල වර්ණය යොදා ගැනේ.