ප්‍රේරක ප්‍රතිභාධනය හා ධාරිත්‍රක ප්‍රතිභාධනය

ප්‍රතිරෝධයක් වෙතට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් යෙදීම

ප්‍රතිරෝධයක් දෙපසට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සැපයූවිට වෝල්ටීයතාවය අනුව ධාරාව වෙනස් වේ. එනම් වෝල්ටීයතාව වැඩිවනවිට ධාරාවද වැඩි වන අතර වෝල්ටීයතාව අඩුවනවිට ධාරාවද අඩු වේ. ධාරාවේ හා වෝල්ටීයතාවයේ වෙනස්වීම පහත රූපයේ දැක්වේ.

මෙවැනි පිහිටීමකට ධාරාව හා වෝල්ටීයතාවය සම කලාවේ පිහිටීම යැයි කියනු ලැබේ.මෙය දෙශික සටහනක් ලෙස පහත දැක්වේ.

ප්‍රේරකයක් වෙතට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා යෙදීම

ප්‍රේරකයක් වෙතට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් යෙදූවිට වෝල්ටීයතාවයට වඩා ධාරාව අංශක 90 ක් පසුපසින් ගමන් කරයි



වෝල්ටීයතා හා ධාරා තරංග අධ්‍යයනය කළ විට වෝල්ටීයතාවයට වඩා ධාරාව අංශක 90ක් පි‍ටුපසින් සිටින බව පහත රූපයේ පරිදි දෙශික සටහනකින් දැක්විය හැකිය.


*******************************
ධාරිත්‍රකයක් වෙතට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් යෙදීම.

මෙහිදී වෝල්ටීයතාවට වඩා  අංශක 90ක් ඉදිරියෙන් ධාරාව ගමන් කරයි.පහත රූපයේ මෙම සිදුවීම දැක්වේ.
මෙහිදී වෝල්ටීයතාවේ හා ධාරාවේ කලා වෙනස වේ. එම හැසිරීම පහත රූප සටහනේ දැක්වේ.



ප්‍රේරක ප්‍රතිභාධනය (Inductive Reactince)

ප්‍රේරකයක් දෙපසට ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමක් ලබාදුන්විට දගරය හරහා වැඩි බාධාවක් ඇතිවන බව පහත පරීක්ශනයෙන් පැහැදිලි වේ.

මෙම බාධාව පේරක ප්‍රතිබාධනය(XL) ලෙස හැදින්වෙන අතර, ඒ සදහා භාවිතාකරන ප්‍රකාශනය පහත දැක්වේ.

(පේරක ප්‍රතිබාධනය)


f-ප්‍රත්‍යාවර්ත ධාරාවේ සංඛ්්‍යාතය(හර්ට්ස්  Hz)
L-ප්‍රේරකයේ ප්‍රේරතාව. (හෙන්රි H)







 ධාරිත්‍රක ප්‍රතිභාධානය.(Capacitive Reactance)

ධාරිත්‍රකයක් දෙපසට සරල ධාරාවක් යෙදූවිට ඒ තුලින් ධාරාවක් ගමන් නොකරන බවත් ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් යෙදූවිට ධාරාවක් ගලායන බවත පැහැදිලිය.
මේසේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් ධාරිත්‍රකයක් හරහා ගමන් කිරීමේදී ධාරාව ගැලීමට ධාරිත්‍රකය මගින් ඇතිකරන බාධාව ධාරිත්‍රක ප්‍රතිබාධනය(Xc) වේ. මෙය ඔම් වලින් මනිනු ලැබේ


f  =   ප්‍රත්‍යාවර්තක ධාරාවේ සංඛ්්‍යාතය. (Hz)
C = ධාරිත්‍රකයේ ධාරිතාවය. (ෆැරඩ් F )