විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි.
අකුණු ගැසීම, ස්ථිති විද්‍යුතය,විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි .
· විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
· විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
· විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
· විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
· විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
· විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
· විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.
විද්‍යුත් ධාරාව - සාමාන්‍යයෙන් ඇම්පියරවලින් මනිනු ලබන විද්‍යූත් වශයෙන් ආරෝපිත අංශූන්හි ප්‍රවාහයකි. නැතහොත් ගලායාමකි
විද්‍යුත් විභවය - විද්‍යුත් ක්ෂේත්‍රයකට කාර්ය කිරීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් වෝල්ට්වලින් මනිනු ලබයි